මේ නීතිය මත ඔයාට සාර්ථක ව්‍යාපාරිකයෙක්, කාර්යසාධක CEO කෙනෙක්, හොඳ දෙමාපියෙක්, හොඳ සිසුවෙක් හෝ නිවැරදි ආයෝජකයෙක් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔයාට තමන්ගේ සිත, යටි සිත, සහ ක්‍රියාව වෙනස් කරගන්න ඕන. මේ ගැන ලියලා තියෙන ප්‍රසිද්ධම පොතක් තමයි The Secret. ලංකාවෙත් මේ පොත ගොඩක් ජනප්‍රිය. මේක නවතම චිත්‍රපටයක් හැටියටත් නිකුත් වුණා. ලොව ධනවත්ම මිනිසුන් කියනවා ඔවුන්ගේ ජීවිතේ ලැබුනේ මේ නීතිය හරහා කියලා.
මේ පොතේ සදහන් වෙන විදිහට,මේ නීතියේ මූලික ආරම්භය තමයි ඔබේ මනස සහ ශරීරය ක්‍රියා කරන හැටි. මේක සිතියමකින් හිතන්න. ලොකු රවුමක් තියෙනවා කියලා අරගන්න. ඒක තමයි ඔබේ මනස. මේ මනස තවත් කොටස් දෙකකට බෙදලා බලන්න. උඩ කොටස උඩු සිත (Conscious mind). පහළ කොටස යටි සිත (Subconscious mind). මේ රවුමේ යටින් තියෙන පොඩි රවුම තමයි ශරීරය.
ඒ අවශ්‍යතාවය යටි සිත වෙත යනකොට, එය තවත් බලගතු වෙනවා. යටි සිත කියන්නේ ලොජික් හෝ විග්‍රහ කරන්න හදන තැනක් නෙමෙයි. ඒක උඩු සිතේ තිබුන දේවල් දරන තැන. හොඳ දෙයක් වුණත්, නරක දෙයක් වුණත්, යටි සිත ඒක බාරගෙන Desire එකක් බවට පත් කරනවා. එතකොට තමයි ඔබේ ශරීරය එය ක්‍රියාවෙන් පෙන්වන්න පටන් ගන්නේ.
උදාහරණයක් ගන්න. ඔබ උඩු සිතේ "මම ගොඩක් හොඳ විකුණුම්කරු වෙන්න ඕනේ" කියලා හිතනවා. මේ අවශ්‍යතාවය යටි සිතට ගිහින් ගොඩනගනකොට, එය සෘජු වශයෙන් ඔබේ ශරීරයෙන් ක්‍රියාවට පත් වෙනවා. ඔබ වැඩිපුරම පුහුණුවක් ගන්නවා, විකුණුම් ක්ෂේත්‍රය හරහා වැඩිම සාර්ථක පුද්ගලයන්ගේ අදහස් ගන්න උත්සහ කරනවා, නව කුසලතා අධ්‍යාපනය කරගන්නවා. මේක ඔබේ Vibration එකෙන් හදන ක්‍රියාව. මේ Vibration කියන්නේ Law of Attraction එකේ මූලික යාන්ත්‍රණය. උඩු සිතේ තියෙන අවශ්‍යතාවය යටි සිතට ගිහින් Desire එකක් වෙනවා. එතකොට යටි සිත ඔබේ ශරීරය හරහා Vibration නිකුත් කරනවා. මේ Vibration එක නිසා ඔබේ ක්‍රියාවන් වෙනස් වෙනවා. ඒ වෙනස්කම් හරහා ඔබේ ජීවිතේට සමාන Vibration තියෙන දේවල් ආකර්ෂණය වෙනවා.
ඉතින්, මනස නිවැරදිව පිරවීමේ බලය විශාලයි. ඔබට වාහනයක් ගන්න ඕනේ, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ, සාර්ථක වීමේ උත්සාහයක් තියෙනවා කියලා හිතන්න. නමුත් ඔබේ සිත සෘජුව එම අරමුණට නොගොස්, සැමවිටම “මට බැ” කියලා අහිතකර සිතුවිලි වලින් පිරෙනවා නම්, ඔබේ අත්දැකීමත් ඒ අසාර්ථක අදහසට ගැළපෙනවා. විශේෂයෙන්ම, ඔබේ සිතේ ඇති දේ සහ ඔබේ හැසිරීම එකිනෙක නොගැළපෙන විට, ඔබට හිතුණාට වඩා දුක, අසතුට දැනෙනවා. දැන් ඔබ කළයුතු දේ වන්නේ අහිතකර සිතුවිලි නවතා, දැනුවෙන් හොඳ සහ ප්‍රගතිශීලී අදහස් ඔබේ සිතට පුරවීමයි.
මේ පොත අපට ගෙනා දේ තමයි, අපේ හිතේ හැදෙන සිතුවිලි විශ්වය මගින් පිළිගැනීම් ලබනවා, ඒත් එය සරල නීතියකට අනුවයි. මේක තමයි Creative Process කියන සංකල්පය. මේ Creative Process එක පියවර 3ක් වශයෙන් පැහැදිලි කරනවා, පළවෙනි පියවර තමයි Ask. ඉල්ලීම. ඒක වචන වලින් නෙමෙයි, ඔබේ සිතුවිලි වලින්, හැඟීම් වලින්. ඉල්ලීම කියන්නේ ඔබේ සිතුවිලි Future tense එකේ නොව Present tense එකේම තැබීම. ඔබ “I will start a business” කියන විට, ඒක අනාගතයක් පමණක්. නමුත් “I have started my business” කියන විට, ඔබේ සිතුවිල්ල දැන්ම සත්‍යයක් බවට පත් වෙනවා. Mike Tyson “I am the greatest” කියලා කියුවේ ඔහු Champion වෙන්නට කලින්. Warren Buffett ද තරුණ කාලයේම තම සාර්ථකත්වය තුළට ගෙන ඉල්ලීමේ රහස තමයි හිත තුළ ඒක සම්පූර්ණයි කියන දෘඩාංග විශ්වාසය සහ Will එක ඇතිවීම තමයි.
දැන් මේ පොතේ කියවෙන විදිහට දෙවෙනි පියවර, එහෙමනම් Answer කියන දේ, ඔයාට කරන්න ඕනෙ පියවරක් නෙමෙයි. ඒක සෘජුවම විශ්වය කරන පියවරක්. ඔයා පළවෙනි Ask එක හරියට කළා නම්, ඉතින් දෙවෙනි පියවර ගැන බය වෙන්න හෝ සැලකිල්ලක් දක්වන්න ඕනෙ නෑ. විශ්වය තමයි ඔයා වටේ තියෙන දේවල්, අවස්ථා, මිනිස්සු, සිදුවීම් හැමදේම නැවත සකස් කරලා ඔයාට ගැලපෙන ආකාරයට ඒ Answer එක ගෙන එන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා හිතලා අවුල් වෙන්න ඕනෙ නෑ. මේ පොතේ කියන්නේ ලොකුම ලොකු දේවල්, ලෝකයම වෙනස් කරපු දේවල් කරපු මිනිස්සු, ඒ දේවල් වෙන්නේ කොහොමද කියලා දැනගන්න හෝ තේරුම් ගන්න හිටපු අය නෙමෙයි. ඔවුන්ටත් එයාලා කරන දේ සිදු වෙන්නේ කොහොමද කියලා නිශ්චිත උත්තරයක් තිබුණේ නෑ. ඒත් ඔවුන්ට තිබුණේ දැඩි Will එක — “මම මේක කරන්නම්” කියන තීරණය.
ඒකට උදාහරණයක් විදිහට මේ පොතේ Goals තුනක් ගැන පැහැදිලි කරනවා. A type goals කියන්නේ ඔයා දන්න දේවල්. “I know how to do it” කියන දේ. උදාහරණයක් විදිහට, වාහනයක් ගන්න. ඔයා දන්නවා කොහොමද ඒක කරන්නෙ, පදින්නෙ, යොදාගන්නෙ කියලා. ඒක සරලයි. B type goals කියන්නේ, “I don’t know how to do it. But I know I can do it.” කියන දේ. ඔයාට කරන්න පුළුවන් කියලා හිතනවා, මොකද අනිත් අය කරලා තියෙන නිසා. ඔයා දන්නවා ඒක හැකි දෙයක් කියලා, හැබැයි කොහොමද කියලා තේරෙන්නේ නෑ. C type goals කියන්නේ තවත් ගැඹුරු. මේක “I don’t know how to do it. But I know I will do it.” කියන තීරණය. උදාහරණයක් විදිහට, රයිට් සහෝදරයන්ට ගුවන් යානයක් ඉගහන්න ඕනේ Will එක විතරයි තිබ්බේ. එලෝන් මස්ක්ට රොකට් එකක් හඳට යවන්න ඕනේ Will එක විතරයි තිබ්බේ. ඔවුන්ට දැනගන්න ඕනේ නෑ කොහොමද ඒක වෙන්නෙ කියලා. ඔවුන්ගේ දැඩි Will එක නිසා අවශ්‍ය දේවල්, අවස්ථා, මිනිස්සු, සම්පත් ඔවුන්ගේ ජීවිතයට ආකර්ෂණය වුණා. ලෝකය වෙනස් කළා.
ඉතින් Receive කියන පියවරේදී, කෙනෙක් හිතනවා “මම හරියට Ask කළා. Answer එකත් විශ්වය දෙයි. ඒත් මම බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් වෙන්නේ නෑනේ?” කියලා. මේකට පොතේ කියන උත්තර සරලයි. ඔයා ඉල්ලන දේ, ඔයාගේ ආශාවට හෝ Goals වලට ගැලපෙන්න එකක් නෙමෙයි නම්, ඒක ලැබුණත් ඔයා Receive කරන්න සූදානම් නෑ. මොකද ඒක ලැබුණොත් ඒක ඔයාට සතුටක් දෙන්නේ නෙමෙයි, ඒ වෙනුවට ඒක ඔයාට හිතාගන්න බැරි බරක් විදිහට දැනෙයි. එවිට එයාලා කියනවා, ඔයාට ඒක negative emotion විදිහට පෙනෙනවා. ඒ නිසාම ඔයාට දැනෙන්නේ “මම ඉල්ලන දේවල් මට ලැබෙන්නේ නෑ” කියලා.
ඔබේ සිතුවිලි Future tense එකේ නොව Present tense එකේ තැබූ විට, ඔබේ හදවතෙන් Will එක දැමූ විට, විශ්වය පිළිතුරු සකස් කරනවා. නමුත් සත්‍යයෙන්ම ඒ දේවල් ඔබේ ජීවිතයට ගෙන එන්නේ ඔබ පිළිගන්න සූදානම් වූ විට පමණයි.
The Secret පොතේ අදහස් අනුව, සිතුවිලි පාලනය (Thought Process Control) කරන එක අතිශය වැදගත්. මේකට කරගන්න පුළුවන් දෙවල් තමයි.
කෘතඥතාවයේ පුහුණුව : කොළ කෑල්ලක් අරගෙන, මේ මොහොතේ ඔබට තියෙන සතුටු වෙන්න පුළුවන් හැම දෙයක්ම ලියාගන්න. ඔබට සෞඛ්‍යය තියෙනවා, කට්ටියක් තියෙනවා, කාර්යාලයක් තියෙනවා, හෝ තවත් ලොකු අරමුණකට යන මාර්ගයේ තියෙනවා. මේවා ලියාගන්නා විට, ඔබේ මනස ඉහළ සාර්ථකත්ව Vibration එකකට යනවා. උදාහරණයක් ගන්නකොට, හැම දිනක අවසානයේ “අද මට ලැබුන හැමදේටම ස්තුතියි” කියලා ලියන පුද්ගලයෙක්, සෘජු මනෝභාවයක් ගොඩනගනවා. ඒ මනෝභාවය නිසා ඔහුට තවත් වාසිය ලැබෙනවා.
ඔබ තුළ ඇති Filter එක ආරක්ෂා කරගැනීම : හැමෝම අසන, දකින දේවල් Filter එකකින් ගමන් කරනවා. නමුත් ඔය Filter එකේ කුණු දේවල් දාගත්තොත්, මනසත් කුණු දේවල් වලින් පිරෙනවා. උදාහරණයක් – ඔබට සුදු BMW එකක් ගන්න ආසාවක් තියෙනවා නම්, ඒක ඔබේ inner filter එකේ කොටසක් වෙලා තියෙනවා. දැන් පාරේ යනකොට, සුදු BMW වැඩියෙන්ම ඔබේ ඇස්ට පෙනෙනවා. මේක එතෙක් තිබුණත්, ඔබේ filter එකට ඇතුළත් නොවුණා. දැන් ඔබේ desire එකේ කොටසක් විදියට filter එක ඒවා තෝරාගෙන ඔබට පෙන්නනවා.
Law of Attraction කියන්නේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට සෘජුවම බලපාන බලවත් නීතියක්. ඔබේ සිතේ ඇති සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් එකට ගැලපෙන විට, ඒවා ඔබේ ජීවිතයේ ප්‍රතිඵල ලෙස ස්වාභාවිකවම පෙනෙනවා. එනිසා, සාර්ථක වීමට අවශ්‍යම පියවර තමයි ඔබේ සිත නිවැරදිව පිහිටුවීම, හොඳ සිතුවිලි සහ හැඟීම් වලින් Vibration එකක් නිර්මාණය කිරීම. ඔබේ සිතුවිලි පාලනය කිරීමේදී, කෘතඥතාව, විශ්වාසය සහ නිවැරදි අවධානය තබා ගැනීම අත්‍යාවශ්‍යයි. කුඩා දේවල් පිළිබඳ කෘතඥතාවය ඔබේ මනසට හොඳ හැඟීම් පිරවෙන අතර, එය ඔබේ inner filter එක ස්ථායිව සාර්ථකත්වයට ගෙන යනවා. එමෙන්ම, ඔබේ අවධානය හොඳ, නිවැරදි, සහ අවශ්‍ය දේවල් වෙත යොමු කිරීම, ඔබේ ජීවිතයේ සාර්ථක අත්දැකීම් ආකර්ෂණය කරන බලවත් ක්‍රමයකි.
අවසානවශයෙන්, Law of Attraction නියම කරන ආකාරය තමයි සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් එකම දිශාවකට ගෙන ඒම. ඔබේ සිත present tense එකේ, දැන්ම සත්‍යයක් ලෙස හැසිරෙන්නේ නම්, විශ්වය ඔබේ ඉල්ලීම් සම්පූර්ණ කරනවා. එහෙත් ඔබේ inner alignment එක නොගැලපුණොත්, ඔබ ලැබෙන දේ ඔබේ ජීවිතයට සම්පූර්ණයෙන්ම නොපැමිණෙයි.
ඉතින්, සාර්ථක වීමට අවශ්‍යම දෙය තමයි ඔබේ සිත හා හැඟීම් නිවැරදිව සකස් කිරීම, inner filter එක පිරිසිදු තබා ගැනීම, සහ present tense එකේ දැන්ම ඉල්ලීමේ හැඟීමක් ඇති කිරීම. මේ ආකාරයෙන්, ඔබේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් එකතු වීමෙන්, විශ්වය ඔබේ ජීවිතයට ආකර්ෂණය කරන සාර්ථකත්වය ස්වාභාවිකවම ගෙන ඒමට සූදානම් වෙනවා.
මුලාශය– [The Secret, Rhonda Byrne]
Post a Comment