Sense of Self කියන්නේ අපි කවුද කියලා අපිම තේරුම් ගැනීම
එකේ අර්ථය තමන්ගෙ හැඳුනුම, ගුණ, අගය, සහ ජීවිතේ අරමුණ ගැන ඇති පැහැදිලි හැඟීම. කෙනෙක්ට ශක්තිමත් sense of self තියෙනවා කියන්නේ, ඔහුට තමන්ගේම මතය, තීරණ, සහ විශ්වාස හොඳින් දැනගන්න පුළුවන් කියන එකයි. ඔවුන් තෝරාගත් මාර්ගය පිළිබඳ විශ්වාසය තියෙනවා, සහ අනිත් අයගේ අදහස් වලට හුඟාක් බලපාන්නේ නැහැ. ඒත්, sense of self අඩුනම්, තමන් ගැන අනපේක්ෂිතව බලන්නේ, අනිත් අයගේ අදහස් වලට හැම විටම අනුගත වෙන්න උත්සහ කරනවා, සහ තමන්ගේම තීරණ ගැන සැක කරනවා. මේක තමන්ගෙ සතුට, දුක, සහ දවසක් ගත කරන හැටි තීරණය කරන මූලික ගුණාංගයක්.
සරලවම කියනකොට, Sense of Self කියන්නේ අපි අපේම සිත තුළ ගන්න පිළිතුරු. ඒත් එකේ මූලික ප්‍රශ්න තුනක් තියෙනවා:
“මම කවුද? මම කුමකට වටින්නේ? මම කුමක් කරන්න කැමතියිද?
කියන මේ ප්‍රශ්නවලට අපිට පැහැදිලි පිළිතුරු තිබුණොත් අපේ ජීවිතය අපේම තීරණ වලට අනුව යනවා. ඒත් පිළිතුරු පැහැදිලි නැතිවුණොත්, ජීවිතය ගෙවෙන්නේ උනන්දුවෙන් නොව, වෙන කරන්න දෙයක් නැති නිසා.
උදාහරණයක් ලෙස, කව්රුන් හෝ දරුවෙක් යම්කිසි දෙයක් කරගෙන යද්දී, ඇගේ අම්මා-තාත්තා “ඒක හොඳ නැහැ” කියලා කියනවිට පවා, ඇය තමන් පිළිබඳ පැහැදිලි හැඟීම නිසා තමන් කැමති දේ පසුපස යනවා. මේක තමයි ශක්තිමත් sense of self. එහෙත් වෙන කෙනෙක්ට තමන්ටම ඇත්තටම මොනවාට ආසද කියලා දන්නෙ නැති නිසා, ඔහු යාළුවෝ කියන දේවල් අනුගමනය කරනවා. උදාහරණයක් ලෙස, “පරිගණක තාක්ෂණය ඉගෙන ගන්න හොඳයි” කියන නිසා එකේ පසුපස යනවා. ඒක තමන්ට ගැලපෙන දේද කියලා හිතලා බලන්නේ නැති නිසා, පස්සේ ඔහුට හිස් බවක් දැනෙනවා: “මට ඇත්තටම මොනවට ආසද?” කියලා. මේක තමයි weak sense of self කියන තත්ත්වය.
Weak sense of self තියෙන කෙනෙක් නිතරම ජීවිතේ අතරමං වෙලා වගේ දැනෙනවා. ඔවුන්ගේ සිත ඇසුරු කරන ප්‍රශ්න රාශියක් තියෙනවා: “මම කරන්න ඕනේ මොනවද? මම කැමති දේ මොනවද? මගේ අනාගතය කොහේ යන්නේද?” කියලා. තනිවම කාලය ගත කරන්න ඔවුන්ට අමාරු වෙනවා. අවශ්‍ය විට “No” කියන්න බැරි වෙනවා. වරෙක තමන්ට ආස නැති - අකමැති දේවල් පවා - වෙන අය කැමති නිසා කරලා දෙනවා. ඔවුන්ගේ හැසිරීම බොහෝ විට බාහිර validation එකකට යටත් වෙනවා: “මම හොඳද? මගේ හැකියාව හොඳටම තියෙනවද? මම මේ හැටියට dress එකක් දැම්මොත් හොඳයිද?” කියලා අන් අයගෙන් හැමතිසේම අහන්න ගත්තොත් තමාම විශ්වාස කරන්න බැරි වෙනවා. මේ හැමදේම එකට එකතු වෙලා ඔවුන්ගේ self-image එක අඩු කරනවා.
Weak sense of self එක වර්ධනය වෙන හේතු කිහිපයක් තියෙනවා. පළමුව, පවුල් පරිසරය සහ බාලකාලය. බාලකාලේදී මව–පිය strict rules දීලා, නිතර පාලනය කරනවා නම්, ‘මම තමා තීරණ ගන්න පුළුවන්ද?’ කියලා සැකවීම වර්ධනය වෙනවා. අඩු අවධානයක් ලබා දුන්නාමත්, තමන් පිළිබඳ විශ්වාසය නිර්මාණය කරගන්න බැරි වෙනවා.”
දෙවන හේතුව වන්නේ අතීතයේ ඇති අපහසු අත්දැකීම් සහ සෘණාත්මක අත්දැකීම්, පාසල් හෝ සමාජික bullying, ප්‍රතික්ෂේප (rejection), අසාර්ථකත්වය වගේ සිද්ධීන් තිබුනොත්, ‘මම දුර්වලයි, මට කිසිම දෙයක් කරන්න බැහැ’ කියලා සෘණාත්මක විශ්වාසයක් එකක් වර්ධනය වෙනවා.
තුන්වන හේතුව වන්නේ සම්බන්ධතා වල බලපෑමයි. ආසන්න මිතුරන්, ආදර සම්බන්ධකරුන්, සහ සහෝදර සගයන්ගෙන් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව වැඩි වූ කෙනෙක් තමන්ගේම අදහස නිර්මාණය කර ගත නොහැකි වෙනවා. ඔවුන් නිතරම ‘ඔයාලා කියන දේ හරිද?’ කියලා අහමින් තමන්ගෙ විශ්වාසය අඩු කර ගන්නවා
අවසානෙට, මානසික සෞඛ්‍ය ගැටළු – depression, anxiety වගේ mental conditions තියෙනවා නම්, self-confidence අඩුවෙලා, negative thoughts, self-doubt වැඩි වෙනවා.
සරලව කියනකොට, weak sense of self වර්ධනය වෙන එක ප්‍රධානවම childhood / family influence, past trauma, relationships influence, social pressure, සහ mental health issues බලපානවා. .මේ හේතු දැනගෙන, අවබෝධය ලබාගෙන, ක්‍රමිකව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පොඩි පියවර වශයෙන් අරබන්න පුළුවන්. ඉතින් සරලව කියනකොට, ශක්තිමත් sense of self කියන්නේ තමන්ගේම හඳුනාගත් මාර්ගය ගෙන යන එක. අඩු sense of self තියෙන කෙනෙක් අනිත් අයගේ මතය පසුපස ගියත් අවසානයේ හිස් බවක් දැනෙනවා.
මේක ස්ථිර එකක් නෙවේ. Weak sense of self තියෙන කෙනෙක්ට ක්‍රමිකව ශක්තිමත් sense of self ගොඩනගන්න පුළුවන්. එත් මේක වෙනස් කරන්න පුළුවන් - Weak sense of self තියෙන කෙනෙකුට පළමුව කරන්න ඕනේ තමන් ගැන හොඳින් දැනගන්න එකයි. “මම කවුද? මගේ ශක්ති මොනවාද? මගේ දුර්වලතා මොනවාද?” කියලා පොඩි පොඩි දේවල් note කරගන්න. දෛනික journal එකක් තබාගෙන, අද කළ දේවල්, හැඟීම්, ප්‍රතිචාර ගැන ලියලා බලන්න. මේකෙන් තමන්ට “මම මෙය කරන්න පුළුවන්” කියලා ක්‍රමිකව හැඟීමක් වර්ධනය වෙනවා, සහ තමන් පිළිබඳ පැහැදිලි අදහසක් ඇතිවෙනවා .
ඊට පස්සේ, තමන්ගේ ජීවිතේ පොඩි ජයග්‍රහණ හදාගන්න එකත් වැදගත්. දවසේ පොඩි target එකක් set කරලා, අලුත් දෙයක් කියවන්න, කෙනෙකුට උදව් කරන්න හෝ පොඩි පොඩි workout කරන්න. මේවා කරන්න ගත්විට තමන් පිළිබඳ විශ්වාසය වැඩිවේ. ඒ වගේම, අලුත් skill එකක් හෝ hobby එකක් try කරන්නත් හොඳයි. නව අත්දැකීම් ඔයාට “මම කරන්න පුළුවන්” කියලා හැඟීම ලබාදෙයි, සහ confidence එක ක්‍රමිකව වැඩි කරලා strong sense of self build කරන්න උදව් වෙනවා.
තවත් වැදගත් දෙයක් තමන්ගේ වටපිටාව ගැන. හොඳ මිතුරන් සහ supportive people සමඟ වැඩියෙන් ගැවසෙන්න. Negative vibes දෙන අයව reduce කරලා, positive, motivating අයව select කරන්න. මේකෙන් ඔයාගේ self-confidence සහ self-worth එක ක්‍රමිකව ශක්තිමත් වෙනවා, සහ තමන් පිළිබඳ අවබෝධය ගොඩනගන්න උදව් වෙනවා.
Negative thoughts control කරන්නත් වැදගත්. “මට බෑ” කියලා හිතෙන හැම සිත්විල්ලක්ම observe කරන්න. ඒවා වෙනුවට, “මම try කරන්නම්” කියලා mindset එක වෙනස් කරන්න. Body සහ mind එකගැන සැලකිලිමත් වෙන්නත් අමතක කරන්න එපා. Regular exercise, yoga, meditation, proper sleep, healthy food – මේවා mind එකට, self-confidence එකට, සහ overall sense of self එකට විශාල බලපෑමක් දෙනවා.
ඒවගේම, Professional help ගන්න එකත් වැදගත්. Psychologist, life coach වගේ experts කෙනෙක්ගෙන් ගෙන් උපදෙස් ගත්තොත්, self-awareness, self-confidence, සහ strong sense of self build කරන්න පුළුවන්. පොඩි පොඩි steps, daily reflection, positive people සහ proper self-care එකක් එකතු කරලා, ක්‍රමිකව weak sense of self නැති කරලා, සාර්ථකව strong sense of self එකක් වර්ධනය කරන්න පුළුවන්.
අවසාන වශයෙන්, Strong sense of self කියන්නේ කෙනෙකුගේ ජීවිතේ තමන්ගේම මාර්ගය තෝරා ගෙන යන හැකියාවයි. Weak sense of self තියෙන කෙනෙක් initially අනිත් අයගේ අදහස් සහ approval එකට වැඩි වශයෙන් යටත්වෙනවා. නමුත්, මේක සදාකාලික දෙයක් නෙවෙයි. ඔයාට හැම විටම හැකි, පියවරෙන් පියවර, අවධානයෙන් තෝරාගත් ක්‍රියා මඟින් තමන් ගැන අවබෝධය ගොඩනගන්න.
දෛනික journaling, පොඩි goals set කරලා ජයග්‍රහණ අත්විඳීම, අලුත් අත්දැකීම් try කිරීම, supportive මිතුරන් සමඟ වැඩ කිරීම, ඍණාත්මක සිතුවිලි පාලනය කිරීම, සහ body-mind care මේ සියල්ල එකතු කරලා තමන් පිළිබඳ විශ්වාසය සහ self-worth දැනෙන්න ඉඩ දෙනවා. මේ පියවරෙන් පියවර ගමන තුළ, “මම කවුද?”, “මට කළ හැකි දේ මොනවාද?” කියන මූලික ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු හමුවේ.
ජීවිතයේ හැම අභියෝගයක්ම අවස්ථාවක් ලෙස දකින mindset එකක් නිර්මාණය වෙද්දී, බාධක, අසාර්ථකත්ව හෝ අමාරුකම් අලුත් අත්දැකීම්, පාඩම් සහ ජීවිතය තවත් meaningfully ගෙන යාමට ඇති අවස්ථා බවට හැරෙයි. එමඟින්, අපි අපේ ජීවිතේ අරමුණු සහ ඉලක්ක ගැන පැහැදිලි අවබෝධයක් ලබා, අහඹු තීරණ වලින් නොව, සාර්ථක, හිතාමතා කරන ක්‍රියා මගින් ජීවිතය ගමන් කරනවා.
ඔබේ ජීවිතයේ නාවිකයා ඔබම වන අතර, වෙන කෙනෙකු නොවේ. ඔබේ decisions, actions, සහ choices ඔබේම පාලනයේ ඇත. අනිත් අයගේ අදහස් හෝ බලපෑම් ඔබේ මාර්ගය හැරවීමට නොදෙන විට, ඔබම captain, ඔබම navigator ලෙස තමන්ගේ ජීවිතයේ සුක්කානම පාලනය කරයි.
Post a Comment